ශ්‍රීලනිප සාමාජිකත්වයේ වෙනසක් නෑ : පොහොට්ටුවේ නායකත්වය මහින්දට !

ශ්‍රීලනිප සාමාජිකත්වයේ වෙනසක් නෑ : පොහොට්ටුවේ නායකත්වය මහින්දට !

පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පක්‍ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය බාරගැනීමට දැන් කාලය උදාවී තිබෙන බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැතැයිද පවසා ඇත.

එසේම යම් හෙයකින් එවැනි අවධානමක් පැමිණියහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවත් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින අතර  ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කරමින් සිටින බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න