නාලක සිල්වා ඝාතන තැතක් ! : නාමල් කුමාරට වැටුප් ජනාධිපතිගෙන් ?

නාලක සිල්වා ඝාතන තැතක් ! : නාමල් කුමාරට වැටුප් ජනාධිපතිගෙන් ?

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මෙතෙක් අත්අඩංගුවට නොගන්නේ ඔහු ඝාතනය කිරීමේ සැලැස්මක් පවතින නිසාද යන්න පිළිබඳ සැකයක් මතු වන බව පි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

අද (01) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

රටක ජනාධිපතිවරයා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් යනු රාජ්‍ය විරෝධි ක්‍රියාවක් බවත් මිට පෙර එවැනි දේ සම්බන්ධයෙන් වාර්තා වු විගස සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගතහොත් ඔහු පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳවද තොරතුරු හෙළිවන බව දන්නා බැවින් නාලක ද සිල්වාව ඝාතනය කිරිම සඳහා අවශ්‍ය වතාවරණය සකසා ගැනිම සඳහා ඔහුව අත්අඩංගුවට නොගෙන සිටින බවද මන්ත්‍රිවරයා එහිදී පවසා ඇත. 

නාමල් කුමාර ජනාධිපතිගෙන් වැටුප් ලබන සේවකයෙක් ?

කෙසේ නමුත් මේ වන විට ලංකාව තුළ වාරණයට ලක්ව තිබෙන ලංකාඊනිව්ස් වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ  නාමල් කුමාර නමැත්තා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැ‍ටුප් ලබන්නෙකු බව සාක්කි සහිතව ඔප්පු වී ඇති බවය.  නාමල් කුමාර නමැත්තා ජනාධිපතිවරයා යටතේ පවතින ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට’ අනුබද්ධව සේවය කරන පුද්ගලයෙක් බවත්  ‘මතින් නිදහස් රටක්’ යන ප්‍රචාරක පාඨය යටතේ මෙම ආයතනය ක්‍රියාත්මක වන්නේ එහි අධ්‍යක්ෂවරයෙකු යැයි කියාගත් සමන්ත කුමාර කිතලවආරච්චි නමැති වෛද්‍යවරයෙකු යටතේ බවත් එම පුවතෙහි අනාවරණය කර ඇත.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

නාමල් කුමාර මෑතකදී වරකාපොල නගරයේ වාණිජ බැංකුවකින් ණයක් ඉල්ලා තිබේ. එහිදී පුරවන ලද අයැදුම් පත්‍රය අනුව නාමල් කුමාරගේ සේවා ස්ථානය සහ සේවායෝජකයාගේ විස්තර සාක්ෂි සමග හෙලිදරව් වී ඇත. 862322878V යන ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නාමල් කුමාර බැංකුවට ඉදිරිපත්කළ අයැදුම් පත්‍රයේ ඔහුගේ සේවා යෝජකයා ලෙස සඳහන් කොට ඇත්තේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන විස්තරය යි. මෙය තව දුරටත් තහවුරු කරමින් බැංකුවට ඉදිරිපත් කොට තිබූ නාමල් කුමාරගේ වැ‍ටුප් විස්තරය සහතික කරමින් අත්සන් කොට තිබුනේ ඉහත කී ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි නැමැත්තා ය. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය ජනාධිපති සිරිසේනගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන ආයතනයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න