මහින්දගේ ගමේ "සභාපති  පොහොට්ටුවත්"  හොරකමේ 

මහින්දගේ ගමේ "සභාපති  පොහොට්ටුවත්"  හොරකමේ 

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) සභාපති සිරිල් මුණසිංහ ප්‍රාදේශීය  සභාව සතුව පැවති ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් තොගයක් පෞද්ගලික පරිහරණයට ගෙන ඇතැයි වාර්තා වෙයි.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ජයන්ත මුතුමාල  මේ සම්බන්ධව අද (07) වගකිවයුත්තන්ට පැමිණිලි කර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ 2015 වසරේ සිට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව භාරයේ පැවති සිමෙන්ති ගල් තොගයක් සභාවේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව සභාව සතු ට්‍රැක්ටර් රථ භාවිත කරමින් සභාපතිවරයාගේ ගැටමාන්න ප්‍රදේශයේ නිවස වෙත ප්‍රවාහනය කරන බවය.

සිමෙන්ති ගල් තොගය අඟුල්මඬුව පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රධානය කිරීමට ගෙනආ යෝජනාව පසුගිය දා සභාවේ සම්මත වූ අතර පසුගිය සිකුරාදා දින රාත්‍රියේ සිට එම ගල් තොගය ප්‍රාදේශීය සභාව සතු ට්‍රැක්ටර් රථ භාවිත කරමින් සභාපතිවරයාගේ නිවස වෙත ප්‍රවාහනය කර තිබේ. මේ සම්බන්ධව කළ විමසීමකදී සභාවේ ලේකම්වරයා ඇතුළු කිසිවෙකුත් සිද්ධිය සම්බන්ධව දැනුවත්ව සිට නොමැති බවද එහි සඳහන්කර ඇත.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ජයන්ත මුතුමාල මහතා ඇතුළු මන්ත්‍රීවරු හය දෙනෙකු විසින් අඟුල්මඩුව පන්සලේ නායක හිමියන්ගෙන් කළ විමසීමකදී පන්සලට සිමෙන්ති ගල් නොලැබුණ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය පරිපාලක ලෙස කටයුතු කළ චමින්ද නැමැත්තා ඉවත්කර ඒ වෙනුවට මෑතක දී පත්කර ඇති සභාපතිවරයාගේ ඥාති පුත්‍රයෙකු විසින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම ගල්තොගය ප්‍රවාහනය කළ බවට ප්‍රාදේශීය සභාවේ  සේවකයන්ද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න