ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වීම හේතුවෙන් පැනනැඟී ඇති අපහසුතා වළක්වා ජනතාවට සහන සැලසීම පිණිස හෙට (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
මේ සාකච්ඡාවේදී ඉන්ධන මිල ඉහළ යෑමෙන් ජනතාව පත්ව ඇති අපහසුතාවට කඩිනම් සහන සැලසීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.
මේ සාකච්ඡාව සඳහා අගමැතිවරයා විසින් මුදල් , ආර්ථික හා සංවර්ධන කටයුතු සම්බන්ධ සියලු අමාත්‍යවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන්ද කැඳවා ඇතැයිද, එහිදී ප්‍රතිපත්තිමය තීරණයක් කරා එළැඹීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා පවසා තිබෙන අතර ඉන්ධන මිල ඉහළ ගිය සැණින් සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමට සේවා සපයන්නන් කටයුතු කරන හෙයින් ඒ සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කරන බවත් සඳහන්කර තිබේ.
ඩොලරයේ මිල ඉහළ යන අතර මේ වන විට සිංගප්පූරුවේ බොරතෙල් බැරලයක මිලද ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර ඇත.

