පොලිස්පති ඉල්ලා අස්වන ලකුණු !

පොලිස්පති ඉල්ලා අස්වන ලකුණු !

පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දින කිහිපය තුළ  තුළ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි, විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
 ඒ අනුව පුරප්පාඩු වන පොලිස්පති තනතුර සඳහා  දැනට ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති (පාලන) සී.ඩී. වික්‍රමරත්න  හෝ මධ්‍යම පළාත භාර ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ යන දෙදෙනාගෙන් අයෙකු එම තනතුරට පත්වනු ඇති බවද වාර්තා වෙයි.

 දිගින් දිගටම  එල්ලවූ චෝදනා සහ මහනුවර ත්‍රිත්ව විදුහලෙන් ඔහුගේ ගිණුමට මුදල් බැර කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර  ආයතන සංග්‍රහයට අනුව පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම පොලිපතිවරයාගේ ඉල්ලා අස්වීමට ආසන්තම  හේතු බවද වාර්තා වෙයි.

වර්තමාන පොලිස්පතිවරයාගේ හැසිරීම හා ඇතැම් ක්‍රියා මාර්ග දේශපාලන ක්ෂේත්‍රයේ  දැඩි විවේචනයකට ලක්වූ අතර ජනාධිපතිවරයාද පසුගිය කැබිනට් රැස්වීමකදී පොලිස්පතිවරයා ගැන දැඩි විවේචනයක් එල්ල කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න