ප්‍රංශ සමාගමකට ඩොලර් මිලියන 80ක් ගෙවන්න : ආණ්ඩුවට නියෝගයක් !

ප්‍රංශ සමාගමකට ඩොලර් මිලියන 80ක් ගෙවන්න : ආණ්ඩුවට නියෝගයක් !

කොල්ලුපිටියේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින කාමර 458කින් සහ මහල් නිවාස ඒකක 100කින් සමන්විත කොළඹ හයට් හෝටලයේ ඉදිකිරීම් නවතාලීමට වත්මන් ආණ්ඩුව ගනුලැබූ තීරණයට එරෙහිව ඉදිකිරීම් භාරව කටයුතු කල ප්‍රංශ සමාගම  සිංගප්පූරුවේ අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවැරූ අතර එම සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් ගෙවීමට එහිදී නියෝග  කර ඇති බව වාර්තා වෙයි.

එසේම මෙම  මුදල ගෙවීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කොට ඇති බවද දැනගන්නට ඇත. 
gamini S 1000px  ගාමිණී සෙනරත් සල්ලි ඇද්ද හෝටලයත් "හයිට්"

මේ අතර කොළඹ හයිට් හෝටලය පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූයේ එය  ඉදිකිරීම සඳහා වෙන්කළ මිලියන 4000ක මුදලින් මිලියන 400ක් වංචනික භාවිත කරමින් හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකර ගැනීම සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් වෙත චෝදනා එල්ලවීම නිසාය.

දූෂණ සම්බන්ධ නඩු කඩිනම් කිරීම සඳහා අලුතින් පිහිටුවන මහාධිකරණයේ පළමු නඩුව ලෙස ගෙන ඇත්තේද  එම නඩුවය.

හිල්ටන් - හයිට් හෝටල් කොටස් විකුණන්න : ආණ්ඩුවේ තීරණයක් !

මේ අතර පවතින මූල්‍ය දුෂ්කරතාව සමනය කර ගැනීමට  ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය හිමිකාරිත්වය සහිත හෝටල් 2ක් විකුණා දැමීමට රජය සැලසුම් කොට ඇති බවද වාර්තා වෙයි.

කොළඹ හිල්ටන් හෝටලයේ රජය සතු කොටස් 51% ප්‍රමාණයත්,  කොළඹ හයට් හෝටලයත් එසේ විකුණා දැමීම ආණ්ඩුවේ අපේක්ෂාව බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න