එස්.බී කුමන්ත්‍රණකාරයෙක් : ශ්‍රීලනිපය සභාග ආණ්ඩු කඩේ වසයි !

එස්.බී කුමන්ත්‍රණකාරයෙක් : ශ්‍රීලනිපය සභාග ආණ්ඩු කඩේ වසයි !

සභාග ආණ්ඩුවක් වෙනුවෙන් වන යෝජනාව පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයෙන් බවත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශවයෙන් එවැනි කිසිඳු යෝජනාවක් ඉදිරිපත් නොවූ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

රූපවාහිනී නාලිකාවක් සමඟ දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

සභාග ආණ්ඩුවක් සම්බන්ධව වූ සියළු කතා පවසනු ලැබුවේ එස්.බී දිසානායක මන්ත්‍රීවරයා බවත් පවතින ස්ථාවරත්වය නැතිකරන කුමන්ත්‍රණයක් එතැන පවතී යන සැකයද තමන්ට ඇති බව ඔහු පවසා සිටියි.

එසේම දැනට මෛත්‍රී- මහින්ද එකට වැඩ කිරීමේ සූදානමක් නැති නමුත් ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවීමට නම් දෙදෙනා එකට වැඩ කිරීමට එකඟවීමට සිදුවන බවදඔහු පවසයි.


එක එක්කෙනාට ඕන විදිහට ආණ්ඩුවෙන් යන්නේ නෑ - ඇමති දුමින්ද 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන්කර සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය පිරිස් දැන් බලය නොමැතිවීම නිසා ශ්‍රීලනිපය ද ආණ්ඩුවෙන් ඉවත් වියයුතු  බවට යෝජනා කරමින් සිටින බවයි. 

ආණ්ඩුවෙන් ගිය උදවියගේ පෞද්ගලික අපේක්ෂා ඉටුකිරීමට කිසිඳු අවශ්‍යතාවක් නැති බවත් එබැවින් ආණ්ඩුවෙන් ගිය අය සිතන සහ ඔවුන්ගේ සැලසුම් කිසිවක් ඉටුවන්නේ නැති බවද අමාත්‍යවරයා පවසයි.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද පසුගියදා සඳහන් කර සිටියේ සභාග හෝ භාරකාර ආණ්ඩුවක් ගැන මොන කතා පැවතියත් වත්මන් ආණ්ඩුව 2020 දක්වා පවතිනු ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න