ලෝක ආර්ථික අර්බූදය හමුවේ මෙරට ඉන්ධන මිල දිනෙන් දින ඉහල ගියද, නියඟය සහ අධික ණය බර වැනි අභියෝගයන්ට අපේ රජය සාර්ථකව මුහුණ දුන් ආකාරයටම මෙම අභියෝගයටත් මුහුණ දී විසදුම් සොයා ගන්නා බවත්, සංවර්ධනයේ මූලික පදනම ගොඩනගා ගත් පසු ඒ හරහා තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදීමට මේ රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඊයේ (14) ගල්ගමුවේදී පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුව ලෝකයේ ඇතැම් රටවල් දෛනිකවත්, සතියකට වරක් ලෙසත්, මාසිකවත් ඉන්ධන මිල වෙනස් කිරීම සිදු කරන අතර, ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් අප සිදු කළේ ලෝක වෙළෙඳ පොලේ මිල වෙනස් වීමට අනුව රටේ මිල වෙනස් කිරීම බවත් මෙය තේරුම් ගත නොහැකි තරම් ප්‍රහේලිකාවක් නොවන බවත් අග්‍රමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
ඩොලරය ඉහල යාම හමුවේ සාර්ථකව නැගී සිටිය හැකි එකම ක්‍රමය රටේ අපනයන අංශ සියල්ල වේගයෙන් දියුණු කරමින් අපනයන ආර්ථිකයක් හරහා රට ඉදිරියට ගෙන යාම බව ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සහ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වර්තමානයේ ණය ගෙවීමට සහ ඩොලරය ඉහල යාමට විසදුම් සොයාගත යුතුව තිබෙන අවස්ථාවක දේශපාලන වාසී වෙනුවෙන් කෑ ගැසීම හෝ ඉන්ධන මිල සූත්‍රය වැරදි යැයි ප්‍රකාශ කිරීම තුලින් රටේ ගැටළු නොවිසදෙන බව ජනතාව තේරුම් ගත යුතු බවත් එතුමා මෙහිදී අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න, ගල්ගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක මොහාන් පෙරේරා යන මහත්ම මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

