සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන දෙකහමාරක මුදලක් ආරක්ෂිතයි !

සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන දෙකහමාරක මුදලක් ආරක්ෂිතයි !

මේ රටේ කම්කරු ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන දෙකහමාරක මුදලක් රජය යටතේ තිබෙන බවත් එම මුදල ආරක්ෂිතව ඉතිරි කර ඇති බවත් කම්කරු හා වාත්තිය සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර පවසයි.

 මේ මුදල තවත් වැඩිකර මිස එක්සත් ජාතික පක්ෂ රජය ඊළඟ මැතිවරණයට නොයන බවත් පෞද්ගලික  අංශයටත් විශ්‍රාම වැටුපට සමාන දෙයක් තම රජය ඉදිරියේදී සකස් කරන බවත් අමාත්‍යවරයා පවසයි.

පසුගිය 13 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනය නිමිත්තෙන්  බදුල්ල පූනාගල වතුයායේ ඉදි කළ ඉලන්ජෙලිියන්පුරම් නව ගම්මානය ජනතා අයිතියට පත් කළ අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන්කර  ඇති අතර  එජාප රජයන් කවදත් කම්කරු ජනතාව වෙනුවෙන් පෙනීසිට සේවය කර ඇති බවද සිහිපත්කර ඇත. 

වතුකර ජනතාවගේ දෛනික වැටුප වැඩිකරලීම සඳහා හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් වසර දෙකකට වරක් වැඩි වන සාමුහික ගිවිසුම සකස් කරලීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කළ බවත් කියා සිටින ඇමැතිවරයා වතුකර ජනතාවට සාධාරණ වැටුපක් ලබා දීමට ඉදිරි සති කිහිපය තුළ පියවර ගන්නා බවත් සඳහන්කර තිබේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න