ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50කට අධික මුදලක් හම්බන්තොට හම්බන්තොට හයට් රිජන්සි හෝටල් ව්‍යාපෘතියට යෙදවීම මගින් රජයට රුපියල් කෝටි 50කට අධික අලාභයක් සිදු කළ බවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියමකර ඇත.
එම නඩුව අද (15) කැඳවූ අවස්ථාවේ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත්කර ඇත.
මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ ලේඛන බොහෝමයක් තමන්ට මෙතෙක් නොලැබීම නිසා නඩුව පවත්වාගෙන යෑමෙන් විත්ති පාර්ශ්වයට අගතියක් සිදුවන බවට අධිකරණයට දැනුම්දී තිබේ.
අනතුරුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල ඒ අවශ්‍ය ලේඛන මොනවාදැයි මෝසමක් මාර්ගයෙන් අධිකරණ රෙජිස්ටාර්වරයාට ඉදිරිපත් කිරීමට නියම කර ඇති අතර එම මෝසම සඳහන් ලේඛන අපරාධ කොට්ඨාසය මාර්ගයෙන් ලබාගැනීමට ක්‍රියාකරන ලෙසත් දැනුම්දෙමින් මෙම නඩුව ලබන 23 වැනිදා කැඳවීමට නියම කර ඇත.

