යහපාලන පනතක් නිසා : මහින්දයි වාසුයි නිරුවත් වුණා !

යහපාලන පනතක් නිසා : මහින්දයි වාසුයි නිරුවත් වුණා !

 හානි පුර්ණ කිරීමේ පනත  එදා අතුරුදහන් වූවන් වෙනුවෙන් කතරගමට පයින් ගිය මහින්ද රාජපක්ෂලා සහ වාසුදේවලා තමන්ගේ ආණ්ඩු කාලයේ නොකළ නමුත් මේ ආණ්ඩුවෙන් ඒ දේ ඉටු කරද්දී ඊට විරුද්ධ වීමෙන් පෙන්වන්නේ එදා පයින් ගියේද දේශපාලන වාසියකට මිස ජනතාවට වාසියක් අත් කර දීමට නොවන බව යැයි සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන  බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.  

පසුගිය 10 වෙනිදා  පාර්ලිමේන්තුවේදී මෙම පනත සම්මත කළ අතර එය  1953 හර්තාලයෙන් හානි වූවන් දක්වා දිගු වන බවත් එදා සිට අද දක්වා සියළු සිවිල් කලබල යුද්ධ වලින් හානි වූ සිංහල දෙමළ මුස්ලිම් සියළුම දෙනාට තමන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් රජයෙන් යම් වන්දියක් ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කරයි.

 යම් අඩුපාඩු තිබුනද කාලයක් තිස්සේ ඉල්ලූ දෙයක් මේ ආණ්ඩුව විසින් සම්මත කිරීම ගැන සතුටු වන බවද බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න