මහින්දගේ ගෝලයාගේ අභියාචනයට දින නියම වෙයි !

මහින්දගේ ගෝලයාගේ අභියාචනයට දින නියම වෙයි !

කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කර  ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කිරීමට අදාළව  චෝදනා ලබා වසර 20 ක් බැගින් සිරදඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 01  වන දා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය තීන්දුකර ඇත.

මෙම අභියාචනා පෙත්සම් අද (15)  එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා රාත්‍රී තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය යතිකයෙකු මරා දමා ඔහුගේ පෙම්වතිය වන රුසියානු ජාතික තරුණියක් දූෂණය කළේ යැයි චෝදනා ලබා සිටි තංගල්ල  ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළේය.

එසේ කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙන්වාදෙන විත්තිකරුවන් තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය වෙත යොමුකර ඇති අභියාචනා වලින් ඉල්ලා තිබේ.

මේ අතර විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය මඟින් පනවා තිබෙන දඬුවම් ප්‍රමාණවත් නොමැති බවත් එය වැඩි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න