ගමේ වීරයන් කසළ ප්‍රශ්නය සූදුවක් කරගෙන - පාඨලී

ගමේ වීරයන් කසළ ප්‍රශ්නය සූදුවක් කරගෙන - පාඨලී

පුත්තලම ඉදිකරන කසළ රඳවනයට විරුද්ධ වන්නේ ගම්ට වීරයෝ වීමට උත්සාහ කරන පිරිස් බව  බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි.

අලුත්ගමදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකාව පුරා කුණු කඳු 330ක් පවතින බවත් මෙම කසළ සමග දේශපාලඥයින් සූදු ක්‍රිඩා කරන බවත් පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ පුත්තලම වනාතවිල්ලුව, අරුවක්කාඩු ප‍්‍රදේශයට කොළඹ කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධය දක්වමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සිදුකළ ප්‍රකාශයටය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රටපුරා කුණු කඳු 330 ක් තියෙනවා. මේ කැළි කසළ ප‍්‍රශ්නය ඉතාම බරපතල ප‍්‍රශ්නයක්. තවමත් ඇතැම් දේශපාලනඥයෝ මෙයත් සමග සූදු කෙළිනවා. මීතොටමුල්ලේ 33 දෙනෙක් කුණු කන්දකට යටවෙලා මැරිලත් මේ රටේ කාලකන්නි දේශපාලනයට තවම ඒක තේරිලා නැහැ.

 අද කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නය අවුරුදු 80 කට විසඳන්න, පුත්තලමේ හිරිගල් කඩලා විනාශ කරලා තියෙන වලවල්වල විද්‍යාත්මක  කසළ රඳවනයක් කරනවා. නමුත් සමහරුන්ට  ඕනේ ගමට වීරයා වෙලා මේක නතර කරන්න. ඒ ඇත්තන්ට කියනවා කරුණාකරලා මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් මේ විද්‍යාත්මක විසඳුමට ඉඩදෙන්න. මේ විසඳුම කඩා කප්පල් කරන්න එපා. මේ විසඳුම කඩාකප්පල් කරනවා කියන්නේ තමනුත්, තමන්ගේ රටත් විනාශ කරනවා කියන එකයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න