Language Switcher

V2025

වහාම ක්‍රිකට් දුෂණ චෝදනා වලට උත්තර දෙන්න : ICCය සනත්ට දන්වයි !

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC)  දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක  සනත් ජයසූරිය ට  බරපතළ චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව හිටපු  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරායක්ද වූ  සනත් ජයසූරියට අද(15) සිට දින 14ක් ඇතුළත කරුණූ දක්වන ලෙසට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් ඇති බව වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ බව දැණුම් දී තිබේ.