පාලකයන් සහ ගෝලයන්  ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් -සජිත්

පාලකයන් සහ ගෝලයන්  ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් -සජිත්

දශකයක කාලයක් පුරා මෙරට පාලකයින් සහ ඔවුන්ගේ ගෝලබාලයින් සිදුකළ ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් කර ජනතාවට ඉඩම් ලබාදීමේ යුගය අද යහපාලන රජය ආරම්භ කර ඇති  බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පවසයි.
 
හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අසරණ ගොවීන්ගේ කුඹුරු ඉඩම්වල ගුවන්තොටුපළක් ඉදිකිරීමට සැළසුම් කළ පසුගිය නායකයින් අද ගොවීන් ආරක්ෂා කරනවා යැයි හඩනගා පැවසීම සුපිරි දිව දෙකේ කතාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 
එදා කුඹුරු ඉඩම්වල ගුවන්තොටුපළ ඉදිකිරීමට විරුද්ධව ගොවීන්ගේ නැගී සිටීම හේතුවෙන් එම ව්‍යාපෘතිය නතර වූ නමුත් පසුව එම භූමියෙන් මහරජතුමාගේ දේශපාලන ගෝලයෙකුට අක්කර 35 ක පමණ ඉඩමක් ලබාදී ඇති බවත්, කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රාජ්‍ය භීෂණයෙන් හා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අල්ලාගත් එම ඉඩම්වල අද යහපාලන රජය නිවාස නොමැති අසරණ ජනතාව උදෙසා උදා ගම්මාන ඉදිකරන බවත් පැවසීය.
 
රහස් ඔත්තු සේවාවන් ගැන විරුද්ධවාදීන් මාධ්‍ය ඔස්සේ අද කතා කළද ඉඩමක් නොමැති පවුලකට ඉඩමක් ලබාදී එහි නිවසක් ඉදිකර දෙන උදාගම් වැඩසටහන මගින් ජනතාවට ලැබෙන සහන පිළිබඳ කිසිවිටක කතා නොකරන බවත්, උදාගම් වැඩසටහන අද ඔවුන්ගේ තහනම් වචනය වී ඇති ඇත්තේ ඔවුන් බලයට පැමිණි පසු ඔවුන්ට කොල්ලකෑමට රටේ ඉඩම් නොමැති වේ යැයි සිතීම නිසා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කීර්තිපුර, අග්බෝපුර හා කරඹවැව ප්‍රදේශවල ඉදිවන “සිරිදිනිතිගම”,  “සහස්මාතාගම”,  “සත්මාතාගම”,  “සියමව්ගම”  සහ “සෙනේමාතාගම” යන උදාගම්මාන 5 ට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ  (23) දින සහභාගී වෙමිණි.  
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිණියගේ ඡන්ම දිනයට සමගාමීව මෙම ගම්මාන 5 ට මුල්ගල තැබිණි.
‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1430, 1431, 1432, 1433 හා 1434 වන ආදර්ශ ගම්මාන මේවා වේ. මෙම උදා ගම්මාන 5 හිම නිවාස 25 බැගින් ඉදිවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න