‘‘තාමත් අගමැති මම‘‘ - රනිල් වික්‍රමසිංහ

‘‘තාමත් අගමැති මම‘‘ - රනිල් වික්‍රමසිංහ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තවමත් මේ රටේ අගමැති වරයා තමා බවත්, පාර්ලිමේන්තුව බහුතරය තිබෙන්නේ තමාට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහමන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මීට සුළු මොහොතකට පෙර පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

‘‘ මම ඔබ අමතන්නේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති මමයි.  මම තනතුරේ ඉන්නවා.   ව්‍යවස්ථාව අනුව කවරුත් පත් කරන්න බෑ.  විශ්වාස භංගය වෙලාවේ මම බහුතරය පෙන්නුවා. බහුතරයක් තියෙනවා කියලා කවුරුන් හෝ කියනවා නම් ඔහු පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්විය යුතුයි. සම්ප්‍රදාය එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාත්  වගකිව යුතුයි. මෙය පාර්ලිමේන්තුවේදී විසඳාගත යුතු ප්‍රශ්නයක්. මට කවුරුත් එක්ක වැඩ කරන්න ප්‍රශ්නයක් තිබුණේ නෑ. මම අගමැති ලෙස වැඩ කරගෙන යනවා.‘‘

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න