මුස්ලිම් කොංග්‍රසයේ  සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය රනිල්ට

මුස්ලිම් කොංග්‍රසයේ  සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය රනිල්ට

මුස්ලිම් කොංග්‍රසය සිය සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා පවසන අතර, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 7 දෙනෙකු සිටින අතර ඉන් 4 දෙනෙකු එක්සත් ජාතික පෙරමුණෙන් ද දෙදෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ද එක් අයෙකු මුස්ලිම් කොංග්‍රසයෙන්ද තරග කර පාර්ලිමේන්තුවට පැමිණි තිබේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වී. රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, තිලකරාජ් සහ අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන්ගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න