කුමන්ත්‍රණය අසාර්ථකයි : 113 අගමැති රනිල් අතේ ! 

කුමන්ත්‍රණය අසාර්ථකයි : 113 අගමැති රනිල් අතේ ! 

ජනවාරි 08 ජනතා ජයග්‍රහණයට එරෙහිව දියත්කළ ව්‍යවස්ථා   විරෝධී කුමන්ත්‍රණය ඉතා අසාර්ථක බවත් ඉතා පැහැදිළිව පාර්ලිමේන්තුවේ බහුතරය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සතුබව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

 අගමැතිවරයා ලෙස  මහින්ද රාජපක්ෂගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නීත්‍යාණුකූල නොවන එකක් බවත් එසේම පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති කිසිවෙකුට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව එවැන්නකට කිසිඳු ඉඩක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මතුව ඇති දේශපාලන ස්වභාවය සම්බන්ධව newstube.lk  සිදුකළ විමසුමකට ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එසේම මේ වන විට පාර්ලිමේන්තුව සති දෙකකට කල්දැමීම පසුපස ඇත්තේද කුමන්ත්‍රණයේ පරාජිත බව මිස අන් යමක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික සංහිඳියාව වෙනුවෙන් ලංකාව පසුගිය වසර තුනක කාලය තුළ ලංකාව ගොඩනැගෙන සිටි ජාත්‍යන්තර කීර්තිය මේ වාසල කුමන්ත්‍රණය හේතුවෙන් බරපතළ ලෙස හානිවූ බවත් මේ වන විට විදෙස් රාජ්‍ය දක්වන ප්‍රතිචාර ඊට නිදර්ශන බවත් අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න