සාධාරණ සමාජයේ සහයත් අගමැති රනිල්ට !

සාධාරණ සමාජයේ සහයත් අගමැති රනිල්ට !

2015 ජනවරම පාවාදීමට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරය අග්‍රාමාත්‍යවරයාට සහය පලකරන බව වාර්තා වෙයි.

සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයේ විධායක සභාව රැස්ව අද (27) මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම සඳහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ  මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවත් සිටියදී මෙන්ම උන්වහන්සේගේ දේහයටත් අත තබා විධායක ජනාධිපති ධුරය අවසන් කරන බවට ප්‍රසිද්ධියේ සපථ කළ සිරිසේන ජනාධිපතිවරයා නැවතත් ජනාධිපතිවීමේ සිහිනය වෙනුවෙන් ද්‍රෝහී තීන්දුවක් ගෙන තිබීම සම්බන්ධව එහිදී දැඩිව අවධාරණය වූ බවද දැනගන්නට ඇත.

තමන්ව බලයට ගෙන ඒම වෙනුවෙන් අතිමහත් කැපවීමක් කළ සෝභිත හිමියන්ගේ දේහයට පවා අගෞරව කළ සිරිසේන ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාව අඛණ්ඩව ජනතාව හමුවට ගෙනයාම සම්බන්ධවද එහිදී සාකච්ඡා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න