ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ සකස් කෙරෙමින් පවතින බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට යහපාලන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට එම අමාත්‍යධුරම හිමිවන අතර ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවට අලුතින් එකතුවන අමාත්‍යධුර පමණක් මෙසේ නම්කර ඇත.
අනුව දැනට කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති හැර ලැයිස්තුගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙසේය.
1. එස්. බී. දිසානායක
2. ජෝන් සෙනවිරත්න
3. දිනේෂ් ගුණවර්ධන
4. විමල් වීරවංශ
5. සුසිල් ප්‍රේමජයන්ත
6. අනුර ප්‍රියදර්ශන යාපා
7. ලක්ෂමන් යාපා අබේවර්ධන
8. මහින්ද යාපා අබේවර්ධන
9. කෙහෙළිය රඹුක්වැල්ල
10. කුමාර වෙල්ගම
11. උදය ප්‍රභාත් ගම්මන්පිළ
12.මහින්දානන්ද අලුත්ගමගේ
13. නාමල් රාජපක්ෂ
14.තිලංග සුමතිපාල
15. ජොන්ස්ටන් ප්‍රනාන්දු
16. බන්දුල ගුණවර්ධන
17. චමල් රාජපක්ෂ
18. සුරේෂ් වඩුවේල්
19.ආරුමුගන් තොණ්ඩමන්
එසේම මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩුවේල්ගේ නමද මෙම ලැයිස්තුවට එක්කර ඇත.
කැබිනට් එකවත් ව්‍යවස්ථාවට නම් කරමුද ? යෝජනාවක් !
කෙසේ වුවත් මේ වන විට අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුගෙන් පමණක් විය යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන්වී තිබීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩල පත්කිරීමවත් ව්‍යවස්ථාවට අනුකූලව සිදුකල යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
ඒ අනුව තීරණය වී තිබෙන්නේ මෛත්‍රී පාර්ශවයට අමාත්‍ය ධූර 10ක්, මහින්ද පාර්ශවයට අමාත්‍ය ධුර 10ක් සහ පනින අයට අමාත්‍ය ධුර 10 ක් වන ලෙසින්ය.

