අගමැති රනිල්ගේ ආරක්ෂකයන් ඉවත් කරයි !

අගමැති රනිල්ගේ ආරක්ෂකයන්  ඉවත් කරයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට සිටි 800 කට ආසන්න ආරක්ෂක ඛණ්ඩය ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුව තහවුරු කර ගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතය අනාරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව පැහැදිළි අතර ඒ වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 10 දෙනෙකු පමණක් යෙදවීමටද කටයුතු කර ඇත.
කෙසේ වුවත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ අවසන් රැළියේදී ජීවිත තර්ජන ඇතිබව කියමින් එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන නිවසට වී සිටියදී විපක්ෂ නායකයා ලෙස ඔහුව අවසන් රැළියට ගෙන ගියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.
මේ සම්බන්ධව පොලිස්පතිවරයා නිකුත්කර ඇති ලිපිය පහත දැක්වේ.
 
44936459 178249679702725 3986577524476870656 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න