ඇමරිකානු පුරවැසි ගෝඨාභය, බැසිල් කුමන්ත්‍රණයක, වහා ක්‍රියාත්මක වන්න! - ඇමරිකානු රජයෙන් ඉල්ලීමක්

ඇමරිකානු පුරවැසි ගෝඨාභය, බැසිල් කුමන්ත්‍රණයක, වහා ක්‍රියාත්මක වන්න! - ඇමරිකානු රජයෙන් ඉල්ලීමක්
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලාංකාව තුල ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයට ක්‍රියාකාරී දායකත්වයක් සපයන ඇමරිකානු පුරවැසියන් දෙදෙනා වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සම්බන්ධයෙන් වහා පියරක් ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගෙන් ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් ලිඛිත ඊයේ (29) ඉල්ලීමක් කර ඇත.
ඕනෑම රටක ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට දායකත්වය ලබාදීම ඇමරිකාවේ පුරවැසියන්ට යෝග්‍ය නොවන්නක් බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ. 
ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකයෙකුගේ නමින්  මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. 
එම ලිපියේ පිටපතක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයටද ෆැක්ස් කර ඇතැයි වාර්තා වේ.
එම ලිපියේ පිටපතක් පහත දැක්වේ.
 
Scan 3
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න