රාජ්‍ය සේවක දඩයම ඇරඹේ !

රාජ්‍ය සේවක දඩයම ඇරඹේ !

පාර්ලිමේන්තුව කල් තබමින් කුමන්ත්‍රණකාරී ලෙස පිහිටුවා ඇති සිරිසේන - රාජපක්ෂ ආණ්ඩුව   සිය විරුද්ධවාදීන් දඩයම් කිරීමට සමගාමීව අහිංසක රාජ්‍ය සේවකයින්ගෙන්ද දරුණු ලෙස පළිගන්නට ගෙන ඇත.

 ඒ අනුව අද (30) මීට සුළු මොහොතකට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොළුවගේ රියදුරු ලෙස කටයුතු කළ හිමේෂ් නිසංසල ද සිල්වා මහතාට පහරදී ආයතනයෙන් පිටමංකර ඇත.
 
 නැවත සේවයට පැමිණියහොත් මරා දමන බවටද ඔහුට තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.
 
මේ වන විටත් කුමන්ත්‍රණ ආණ්ඩුව ව්‍යවස්ථා පිත කරගැනීමට  පාර්ලිමේන්තුවේ 113 සකස්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් චීන සමාගම් මුදලින්  බිලී බා ගැනීමේ පහත් උත්සාහයක නිරත සිරිසේන - රාජපක්ෂ ජුන්ටාව රාජ්‍ය සේවකයින් ඉලක්ක කරමින් මේ දියත්කර ඇති මේ නින්දිත පහරදීම් සහ පළිගැනීම් වලින් ඔවුන්ගේ ඉදිරි ගමන් මග පැහැදිළි චිත්‍රයක් පෙන්නුම් කරවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න