"ජන වරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු" : විරෝධතාව  අතිසාර්ථකයි ! 

"ජන වරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු" : විරෝධතාව  අතිසාර්ථකයි ! 

චීන සමාගම් වල කළු සල්ලි වලින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ නින්දිත උත්සාහයක නිරත වන සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණ ජුන්ටාවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවනු ලැබූ විරෝධතාව ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයකින් අද (30)  කොළඹ දී පැවැත්විණ.

අත්තනෝමතික අයුරින් විධායක බලය යොදවා සිරිසේන ජනාධිපති සිදුකරන මේ ආණ්ඩු කොල්ලයට එරෙහි ජනතා පෙළගැස්ම "ජන වරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු" මැයෙන් නම් කර තිබිණ.

කුමන්ත්‍රණ ආණ්ඩුව මෙම ජනතා විරෝධතාව නවතාලීම වෙනුවෙන් අධිකරණ වාරණ නියෝගයක් ගෙන තිබු නමුත් රටේ උත්තරීතරම ආයතනය වූ පාර්ලිමේන්තුව කුමන්ත්‍රණකාරී ලෙස කල්තබා සිදුකරන  සිරිසේන - මහින්ද ජවුසමට එරෙහි සැබෑ ජනබලය හමුවේ ඒ තුරුම්පුවද බාල්දුවී ගියේය.

{gallery}RANIL-30{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න