සටනට පන දෙන්න : සජිත් - රවී එක මිටට !

සටනට පන දෙන්න : සජිත් - රවී එක මිටට !

අද (30) "ජන වරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු" මැයෙන් වූ කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි විරෝධතා රැලියේ වේදිකාවට ගොඩවූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එජාප උප නායක සජිත් ප්‍රේමදාස දෑත් එකට එක්කර සිය පාක්ෂිකත්වය පෙන්වීම හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් දියත්කර ඇති සටන තවත් පන්නරය වූ බව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ අදහස වී ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ පක්ෂයේ ප්‍රබලයින් මෙන්ම බිම් මට්ටමේ සාමාජිකයන්ද සඳහන් කර සිටියේ මෙම නායකත්ව සමඟිය එක්සත් ජාතික පෙරමුණ මූලිකව දියත්කර ඇති සටනට සහය දෙන අනෙක් පාර්ශවයන් වෙතද උත්තේජනයක් සැපයූ බවය.

එසේම පක්ෂ අභ්‍යන්තරයේ පැවති ප්‍රශ්න සමස්ථ රටේම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටුණු අවස්ථාවක පක්ෂ ප්‍රශ්න අමතක කර එකතුවීම මෙන්ම සිරිසේන ජනාධිපතිගේ මහා පාවාදීම හමුවේ නොසැළී ඊට මුහුණදීම කදිම ජනතා  නායකත්ව ලක්ෂණයක් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

unnamed 1 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න