කුමන්ත්‍රණ ආණ්ඩුවේ හීනමානය දෝරේ ගලයි  : පෝස්ටර් එකටත්  වලි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ හීනමානය දෝරේ ගලයි  : පෝස්ටර් එකටත්  වලි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට සුභ පතන සෑම ප්‍රචාරක පුවරුවක් සහ පෝස්ටර්, බැනර් ආදි සියල්ලේම ජනාධිපති ලෙස සිරිසේනගේ සහ අගමැති ලෙස මහින්දගේ ජායාරූප යොදන විට කිසිඳු අවස්ථාවක මහින්ද මහතාගේ ජායාරූපය කුඩා නොකරන ලෙස රාජපක්ෂ පවුලේ ප්‍රධානියකු විසින් පොදුජන පෙරමුණේ සංවිධායකයන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

එසේම සිරිසේන - මහින්ද එකට සිටින ජායාරූප වෙනුවට මහින්ද රාජපක්ෂගේ තනි ජායාරූප යොදන ලෙසද එහිදී වැඩිදුරටත් දන්වා ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපති කාර්යාලය බයවෙලා !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්වීමත් සමඟ රාජපක්ෂ හිතවාදී ජාවාරම්කාර ව්‍යාපාරිකයන් විසින් දියත්කර තිබෙන ප්‍රචාරක ව්‍යාපෘතියක් සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුවී ඇත්තේ  ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව අති විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු වල "මහින්ද රාජපක්ෂ ජනාධිපති" ලෙස නම් කරමින් සුභාශිංසන පල කෙරෙන ආකාරයට අදාළ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත්කර තිබීමය.

මේ සම්බන්ධව වාර්තා වූ සැනින් ඒ සියල්ල නැවත සංස්කරණය කර ඒ බව තහවුරු කරන ජායාරූප නැවත ජනාධිපති කාර්යාලය වෙත එවන ලෙස අදාළ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළ පාර්ශව වෙත දන්වා ඇති බවද දැනගන්නට ඇත.

45065316 2110097445722076 1748351585563443200 n

45066175 494809041022539 2202850977650835456 n

45071931 547336789013723 334205548629065728 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න