කොටස් වෙළෙඳපොළ අර්බුදයක : දින 4 කදී විදෙස් ආයෝජන රු. බිලියන 3.93කින් ඉවතට !

කොටස් වෙළෙඳපොළ අර්බුදයක : දින 4 කදී විදෙස් ආයෝජන රු. බිලියන 3.93කින් ඉවතට !

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් මේ වන විට අඛණ්ඩව ඉහළ යන ප්‍රවණතාවක් වාර්තා කරමින් සිටිය ද එය තාවකාලික ඉහළ යාමක් බව  ආර්ථික විශ්ලේශකයන් පවසයි.

අද (01) දිනය තුළ දීද සියලු කොටස් මිල දර්ශකයේ දැවැන්ත ඉහළ යාමක් වාර්තා වූ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,114.13 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට වඩා ඒකක 160.66 ක ඉහළ යාමකි.

image1

මේ අතර මෙම සතියේ මෙතෙක් ගනුදෙනු සිදුවූ දින 4 තුළදී පමණක්, එනම් 2018 ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 01 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 282.17 ක වර්ධනයක් වාර්තා කර ඇත. මේ දින 4 තුළ සියලු කොටස් මිල දර්ශකය 4.83% කින් ඉහළ ගොස් ඇත.

සීඝ්‍ර විදෙස් ආයෝජන ඉවත්වීමක්

මෙම හදිසි ඉහළ යාම් සඳහා හේතු වී ඇත්තේ කොටස් වෙළෙඳපොළ තුල සිග්‍රයෙන් සිදුවන ශුද්ධ විදේශීය ගලා යාම හේතුවෙනි. එනම් විදෙස් ආයෝජන ඉවත්වීම හේතුවෙනි.

මෙම ශුද්ධ විදේශීය ගලා යාම හමුවේ දේශීය මිල දී ගැනීම් වර්ධනය වීම සාමාන්‍ය කරුණකි.

කෙසේ නමුත්, මෙම දින 4 තුළ දී විදෙස් ආයෝජකයින් රුපියල් බිලියන 1.81 ක කොටස් මිල දී ගෙන ඇති අතර ඔවුන් විකුණා ඇති කොටස්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 5.75 කි.

රුපියල් බිලියන 3.93 ක ශුද්ධ විදේශීය ගලා යාමක්

මේ අනුව බලපෙරලියෙන් පසු ඇති වූ ආර්ථික කඩා වැටීම හමුවේ රුපියල් බිලියන 3.93 ක ශුද්ධ විදේශීය ගලා යාමක් සිදුව තිබේ.  
image2Daily Market Summary : 30/10/2018 (Source: Colombo Stock Exchange)

image3

Daily Market Summary : 30/10/2018 (Source: Colombo Stock Exchange)  

මේ තත්ත්වය හමුවේ රුපියලේ අගය තව දුරටත් කඩා වැටීමට හේතු වනු ඇති බවට ද ආර්ථික විශ්ලේශකයන් අනතුරු අඟවයි.

රුපියලේ අගය තව දුරටත් කඩා වැටේ

ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (1) 177 සීමාව ඉක්මවා ගිය අතර ඒය රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය විය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත්  කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න