සිරිසේන ජනාධිපතිගේ ඉල්ලීමක් මහින්ද ප්‍රතික්ෂේප කරයි !

සිරිසේන ජනාධිපතිගේ ඉල්ලීමක් මහින්ද ප්‍රතික්ෂේප කරයි !

ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ ඇමතිධුර භාරගන්නා ලෙස සිරිසේන ජනාධිපති කරන ලද ඉල්ලීම ජනාධිපතිගේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරු වලට අනුව ඊයේ (01) ජනාධිපති සිරිසේන මේ ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට එක්වන පිරිස් වෙත ඇමතිකම් දීමෙන් පසුව ජනාධිපතිගේ ඉල්ලීම ගැන සලකා බැලිය හැකි බවය.

මෙම හමුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මැති ඇමතිවරුන්ද සහභාගීව ඇත.

එහිදී යළිත් ජනාධිපති සඳහන් කර ඇත්තේ ශ්‍රීලනිප සහ එක්සත් ජාතික පක්ෂයෙන් පිල් මාරු කල පිරිස පමණක් ඇමතිධුර දැරීම තුළ ආණ්ඩු කුමන්ත්‍රණයක් සිදුවූ බවට ජනතාව තුළ මතයක් ඇති බවත් දැනටමත් එජාපයට බනිමින් එජාප මන්ත්‍රීවරුන්ටම ඇමතිකම් දීම ගැන රටේ විවේචනයක් මතුව ඇති බවය. එබැවින් කිහිපදෙනෙකු හෝ ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගෙන ඒ මතය වෙනස් කරන්න අවශ්‍ය බවද සිරිසේන ජනාධිපති අවධාරණය කර ඇත.

එහෙත් එම ඉල්ලීම යලිත් ප්‍රතික්ෂේප කර ඇති මහින්ද මහතා පවසා ඇත්තේ ජනමතය වෙනස් කරන්නට නම් නියත වශයෙන්ම පොරොන්දු වූ ආකාරයට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සකස්කර පෙන්විය යුතු බවත් නැතහොත් තම පාර්ශවයට දැඩි දේශපාලන හානියක් සිදුවීමේ අවධානමක් මතුව තිබෙන බවය.
එසේම පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නම් කඩිනමින් මහමැතිවරණයකට යාම හැර විකල්පයක් තමන් නොදකින බවද මහින්ද මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.මේ බව අද (02) දිවයින පුවත්පතද වාර්තා කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න