සිරිසේන - මහින්ද කුමන්ත්‍රණයට එරෙහිව සියළු පක්ෂ එක පෙරමුණකට : 118ක් දැනටමත් රනිල්ට !

සිරිසේන - මහින්ද  කුමන්ත්‍රණයට එරෙහිව සියළු පක්ෂ එක පෙරමුණකට  : 118ක් දැනටමත් රනිල්ට !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව එම ධූරයෙන් ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති කරමින් ජනාධිපති සිරිසේන දියත්කල ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අද (02) පාර්ලිමේන්තුවේදී පැහැදිළිව අනාවරණය විය.

ඒ අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නිල ආණ්ඩුවට පිළිගනිමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේදීය.
එහිදී අනාවරණය වුයේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සිට මුදල් ලබාගෙන පක්ෂය මාරු කළ බවට චෝදනා ලබා සිටින මැති ඇමතිවරුන් 5 දෙනා ඇතුළුව සිරිසේන - මහින්ද පාර්ශවය නියෝජනය කරන මැති ඇමතිවරුන් හැර පාර්ලිමේන්තුව නියෝජනය අනෙක් සියළු පක්ෂ මෙම ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් මැදිහත් වන බවය.
මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂ කරුණක් වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ සියල්ල පොදු මතයක සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය ලබාදෙන බව තහවුරු කිරීමය.
ඒ අනුව අද මන්ත්‍රීවරුන් 118 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර විපක්ෂනායක ආර්.සම්බන්ධන්  මෙන්ම  ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මේ අවස්ථාවට  පැමිණ සිටියේය.
එසේම මුදල් සහ අමාත්‍ය ධුර දෙන බව පවසමින් නිල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කුමන්ත්‍රණ ආණ්ඩුවේ මහමොළ කරුවන් යෝජනා ඉදිරිපත් කරන බව, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත්කර ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත කර ඇති බව මෙන්ම, මුදලාලිකරණයට ලක්වූ ජාතික යැයි කියාගන්නා මාධ්‍ය කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂපාතීව සාවධ්‍ය පුවත් ජනතාව අතරට යවන බව ඇතුළු කරුණු රැසක් සම්බන්ධව කතානයකවරයාව දැනුවත් කිරීමටද මැති ඇමතිවරුන් කටයුතු කරනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න