කුමන්ත්‍රණ ආණ්ඩුව : ජනතා නියෝජිතයන්ට කෝටි 50 ක් ලංසු තබයි ! 

කුමන්ත්‍රණ ආණ්ඩුව : ජනතා නියෝජිතයන්ට කෝටි 50 ක් ලංසු තබයි ! 

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වමින් ඊට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සකස් කරගැනීම සඳහා පිල් මාරුකිරීමට සූදානම් මැති ඇමතිවරුන්ට රුපියල් කෝටි 50 කට ආසන්න (ඩොලර් මිලියන 2.8) ආසන්න ලංසු ඉදිරිපත් කිරීමට කුමන්ත්‍රණයේ නායකයින් කටයුතු කර ඇති බව අද (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්  කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළකරමින් අද පාර්ලිමේන්තුවේ රැස්වූ පක්ෂ නායක හමුව අවස්ථාවේය.

එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලීම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු 118ක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.

එහිදී අනාවරණය වූයේ අමාත්‍යධුරයක් හෝ නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍ය ධූර සහිතව මැති ඇමතිවරුන් මිලදී ගැනීමේ නින්දිත උත්සාහයේ නිරතවූවන් එස්.එම්.මරික්කාර්, බුද්ධික පතිරණ, පාලිත රංගේබණ්ඩාර, හර්ෂණ රාජකරුණා ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවකට මෙසේ අල්ලස් දී කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්කර ගැනීමට සූදානම් වී ඇති බවය.

රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියේ රාජපක්ෂ පාර්ශවයට එක්වුවහොත් තමන්ට ඩොලර් මිලියන 2.8 ක් ලබාදෙන බව ඇමතුම් ලබාදුන් පාර්ශව සඳහන් කළ බවය.

45287279 2149145055327640 5392270189599391744 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න