අගමැති රනිල් අරලියගහ මන්දිරයෙන් යන පුවත බොරුවක් !

අගමැති රනිල් අරලියගහ මන්දිරයෙන් යන පුවත බොරුවක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය නිවස වන අරලියගහ මන්දිරයෙන් පිටවීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව වාර්තා වෙයි.

ඊයේ (01) ගෝඨාභය රාජපක්ෂ පැමිණ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාකර ඇත්තේ මෙම පිටවයාම බවද පැතිරයන අසත්‍ය පුවතේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජිතයකු අදහස් දක්වමින් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍යවරයා හමුවූ බව සත්‍ය නමුත් එහිදී අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයෙන් පිටවයාමක් ගැන කොහෙත්ම සාකච්ඡා නොවූ බවය.

එම නියෝජිතයා සඳහන් කරන ආකාරයට ගෝඨාභය පැමිණ අග්‍රාමාත්‍යවරයා සමඟ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ උද්ගතව ඇති තත්ත්වය විසඳන්න ඇති එකම මග පාර්ලිමේන්තුව වහාම කැඳවා බහුතරය සිටින්නේ කා සමඟද යන්න ඔප්පු කර ගැනීම බවත් ඒ හැර වෙනත් විකල්පයක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න