කුමන්ත්‍රණ ආණ්ඩුව නිසා  ජපන් ආධාර නවතී : පාඨලී ක්ෂණිකව අමාත්‍යංශයට ! 

කුමන්ත්‍රණ ආණ්ඩුව නිසා  ජපන් ආධාර නවතී : පාඨලී ක්ෂණිකව අමාත්‍යංශයට ! 

ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද සිදුකළ ආණ්ඩු කුමන්ත්‍රණය හේතුවෙන්  මහා  නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වෙත ලැබී තිබූ ඩොලර් බිලියන 1.4ක් වටිනා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහිමිවයාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

අද (02) මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක තම අමාත්‍යංශය වෙත ගොස් එහි කටයුතු සම්බන්ධව සොයා බලා ඇති අතර එහිදී නිලධාරීන් මේ බව සඳහන් කර තිබේ.

එහිදී සිදුව ඇත්තේ මෙම ව්‍යාපෘතියට ආධාර සපයන ජපන් රජය  කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමත් සමඟ රටේ මතුව ඇති දේශපාලන අස්ථාවර තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ ආධාර සැපයීම නවත්වන්නට කටයුතු කර ඇති බවය.

මෙහිදී අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළුව අමාත්‍යංශය යටතේ වන සියළු ආයතන ප්‍රධානීන් කැඳවා ඇති අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ රටේ සංවර්ධනය ඉලක්කකර ආරම්භ කර ඇති කිසිඳු ව්‍යාපෘතියක් අඩාල නොකර ඉදිරියට ගෙනයන ලෙසය.

එසේම කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරයක් නොමැති බව අද (02) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා සමඟ පැවති පක්ෂනායක හමුවේදී අනාවරණය වූ බවත් එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හයෙන් පහක නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු නිල ආණ්ඩුවට සහය පලකරන බව ප්‍රකාශ කල බවද අමාත්‍යවරයා පවසා ඇත.

එමෙන්ම මේ මොහොතේ කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් නිකුත් කරන නියෝග සියල්ල නීති විරෝධී බවත් ප්‍රශ්නගත වාතාවරණය අවසන්වූ විගස නීති විරෝධී ආණ්ඩුවට සහය දැක්වූ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න