කුමන්ත්‍රණයට සුදුහුණු ගාන්න ගිය නියෝජිතයන් : තානාපති කාර්යාල ඇතුලේ  කිච වෙයි ! 

කුමන්ත්‍රණයට සුදුහුණු ගාන්න ගිය නියෝජිතයන් : තානාපති කාර්යාල ඇතුලේ  කිච වෙයි ! 

කුමන්ත්‍රණ ආණ්ඩුව සඳහා ජාත්‍යන්තර පිළිගැනීම ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙරට සිටින විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමුවීමට ගිය නියෝජිතයන් බලවත් අප්‍රසාදයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඊයේ (01) සහ අද (02) කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් වන අමාත්‍ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා  මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන මේ ගමන සඳහා සහභාගීව ඇත.

මෙහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් පවසා ඇත්තේ පිහිටුවා ඇති ආණ්ඩුව ව්‍යවස්ථානුකූල මෙන්ම නෛතික ආකාරයට පිහිටුවා ඇති බවත් ඒ හේතුවෙන් තමන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බවය.

අපි ඔබේ ව්‍යවස්ථාව කියවූවා : කිසිම පැහැදීමක් නෑ - තානාපති අංශ 

එහිදී ජාත්‍යන්තරව බලපෑමක් සිදුකළ හැකි සෑම තානාපති සහ මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් පවසා ඇත්තේ මෙරට අර්බුදය හටගත් වහාම තම නිලධාරීන් ලංකා ව්‍යවස්ථාව අධ්‍යයනය කල බවත් ව්‍යවස්ථාවට අනුකූලව ආණ්ඩුව පිහිටුවීමක් ඒ තුළ කොහෙත්ම දක්නට නොමැති බවය. එසේම පාර්ලිමේන්තුව කල්තැබීමත් ඒ හරහා රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම ගැනත් බලවත් අප්‍රසාදය පළකර තිබෙන තානාපති නිලධාරීන් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට විසඳා ගතයුතු බවද අවධාරණය කර තිබේ.

නාමල්ගේ වෙනම කැම්පේන් එක : හැමදේටම මුල මේ සිරිසේන 

මෙහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සිටි  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  තම පියා මේ කටයුත්තේදී කිසිඳු වරදක් සිදුකර නොමැති බවත් ජනාධිපති සිරිසේනගේ බලවත් ඉල්ලීම මත ඔහු අගමැතිධුරය භාරගත් බව සෑම තානාපති කාර්යාලයකදීම නිලධාරීන් දැනුවත් කළ බවද වාර්තා වෙයි.

ඒ අවස්ථාවේදී රටවල් කිහිපයකම තානාපති නිලධාරීන් සඳහන් කර ඇත්තේ "අපි ඔබේ පියා ගැන හොඳ දැනුවත් බවකින් පසුවනවා" කියාය.

දිගින් දිගටම තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙතින් ලැබුණු අයහපත් ප්‍රතිචාර හේතුවෙන් අවසානයේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් තම උත්සාහය අත්හැර දමා තිබෙන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න