කුමන්ත්‍රණය පරදවන්න : විශ්වවිද්‍යාල ආචාර්යවරුන් - වෘත්තීය සමිති එක්වේ !

කුමන්ත්‍රණය පරදවන්න : විශ්වවිද්‍යාල ආචාර්යවරුන් - වෘත්තීය සමිති එක්වේ !

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැසක් මෙන්ම වෘත්තීය සමිති නායකයින් රැසක් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සිය කොන්දේසි විරහිත සහය ලබාදෙන බව පවසා ඇත.

අද (02) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට පැමිණ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසී මේ බව සහතික කර ඇති අතර 2015 ජනවාරි ජයග්‍රහණය ආපසු හැරවීමට තම පාර්ශව කිසිසේත් ඉඩ නොදෙන බවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුව වෙනුවට යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීම සඳහා වන අරගලයට තම සෘජු සහභාගීත්වය ලබාදෙන බවද ඔවුන් අවධාරණය කර තිබේ.

තම පිරිස් මේ සටන සඳහා එක්වන්නේ පාට පක්ෂ භේදයකින් තොරව බවත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමේ සටන ජයග්‍රහණය කරවා යහපත් සමාජ පරිසරයක්  නිර්මාණය කිරීම තම එකම කොන්දේසිය වන බවද එහිදී ඔවුන් පවසා ඇතැයි වාර්තා වෙයි.

B37A6965

B37A6981

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න