කුමන්ත්‍රණය ආණ්ඩුවට සහයදෙන මන්ද මානසිකයන්ට "SORRY" : මෙන්න ඇත්ත

කුමන්ත්‍රණය ආණ්ඩුවට සහයදෙන මන්ද මානසිකයන්ට "SORRY" : මෙන්න ඇත්ත

ඔක්තෝබර් 26 වනදායින් පසුව ජනාධිපතිවරයා විසින් නිකුත් කල අංක 2094/43, 2094/43A , 2094/44 යන අතිවිශේෂ ගැසට් නිවේදන පිළිනොගන්නා බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ඒකමතික කැමැත්ත මත ඒකාබද්ධ යෝජනාවක් අද (02)  කතානායකවරයා වෙත භාරදී තිබියදී එම සත්‍ය වසන් කිරීමේ නින්දිත උත්සාහයක් වාර්තා වෙයි.

මන්ද මානසිකත්වයේ මාර ලොජික් !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක යැයි කියාගන්නා අයෙකු විශේෂ නිවේදනයක් මේ ගැන නිකුත්කර ඇති අතර ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ බව කියන මොළේ මෝරා නැති මන්ද මානසික තරුණයන් කිහිපදෙනෙක් මේ ප්‍රයත්නයේ නිරතව සිටියි. 
මේ මන්ද මානසික උදවිය පෙන්වාදෙන ආකාරයට ඔවුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට මන්ත්‍රීවරුන්ගේ සහය ඇත්තේ 112ක් පමණය. ඒ මත පදනම්ව ඔවුන් පෙන්වා දෙන්නේ රනිල් අගමැතිට බහුතරයක් නොමැති බවය. නමුත් ඒ සඳහා ඔවුන් පාදක කරගන්නේ අද පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ය.
 
Capturemoda
අගමැති රනිල්ගේ ජන්දය කාටද ?  
 
මේ මන්ද මානසික තරුණයන්ට අතපසුව ඇති කරුණ වන්නේ 112ක් මන්ත්‍රීවරුන් සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නම අද පාර්ලිමේන්තුවට පැමිණි ලයිස්තුවේ නොමැති බවය. ඔවුන්ගේම තර්කයට අනුව නම් අගමැති රනිල්ගේ සහයට ඉන්නේ මන්ත්‍රීවරුන් 112ක් නම් අගමැති රනිල් ද එක්වූ විට ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවේ.
වීරවංශ - සිරිසේන පිටපත !
එසේම ඔවුන්ට අනුව ජනතා විමුක්ති පෙරමුණ හරහා අගමැති රනිල්ට සහය දෙන්නේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණය. සමහර විට ඔවුන් ජවිපෙ ගැන මේ තීන්දුව ගත්තේ විමල් වීරවංශ සිහියේ තබාගෙන දැයි අප දන්නේ නැත. නැතිනම් සිරිසේන ජනාධිපති ශ්‍රීලනිප - නිදහස් සන්ධාන නායකයා ලෙස සිටියදී බිහිවූ  ඒකාබද්ධ විපක්ෂය කියා විකෘති දේශපාලන ප්‍රවාහය ගැන තක්සේරුවකින්ද කියාද අප දන්නේ නැත. අප දන්නා ජවිපෙ කියන්නේ එකට එක්ව පොදු තීන්දු ගන්නා මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත පක්ෂයක් ය. එබැවින් ජවිපෙ තුළ මත දෙකකට ඉඩක් නැත. 
ඒ අනුව ජනාධිපති ලේකම්කාර්යාල යේ සිටින මෙන්ම පොහොට්ටුවේද සිටින මන්ද මානසිකයන්ගේ තර්කය මත බැළුවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජන්ද 6 ම අගමැති රනිල්ටය. 
අවාසනාව කියන්නේ මේ ගැන බැසිල් රාජපක්ෂගෙන්වත් උපදෙසක් ගන්නට මේ මන්ද මානසිකයන් අතපසු කරගන්නය. එහෙම වුණා නම් ඔය ලියවිල්ල හැදෙන්නේ ජවිපෙ සහය අගමැති රනිල්ට නොමැති බවත් TNA ද ස්වාධීන බව දක්වමින් රනිල්ට සහය දෙමින් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව ඉන්නේ 98ක් ලෙස දක්වමින්ය.
නමුත් ඒ උපදෙස් අවලංගු වන්නේ TNA මත්රීවරුන් 16 අතරින් 15ක් ද ජවිපෙ මත්රීවරුන් 6 මෙන්ම එජාප 98 ඇතුළු 118ක ලිඛිත ලියවිල්ල කතානායක වෙත භාරදී ඇති නිසාය. 
කතානායකවරයාට මන්ත්‍රීවරුන් 118කගේ පොදු එකඟතාවෙන් ලබාදුන් ලියවිල්ල
45329686 2008364299242771 6866692909962362880 n
ඒ බව වගකීමෙන් යුතුව කතානායකවරයා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශකර ඇති නිසාය. එපමණක් නොව ඒ බව කතානායක උපුටා දක්වමින් BBC වැනි කීර්තිමත් විදෙස් මාධ්‍ය පවා වගකීමෙන් යුතුව වාර්තා කර ඇති නිසාය. 
BBC වාර්තාව 
Capture118
සත්‍ය එසේ බැවින් මේ ගොබ්බ මන්ද මානසික දරුවන්ට ඔවුන්ගේ මන්ද මානසිකත්වය නිසාම  අනුකම්පා කල යුතු යැයි අප සිතන්නේ නැත. ඒ මන්ද මානසිකයන් සමාජය ජාල ඇතුළු පොදු ජන සමාජය තුල මාධ්‍යවේදී වේශයෙන් කටයුතු කරන නිසාය.
සාක්කුවට වැටෙන කීයක් හරි නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකට සහය දක්වන මොවුන් කවුද යන්න ජනතාව තේරුම් ගත යුතුව ඇත. මුන්ගේ මාධ්‍ය කරණය සහ අපේ මාධ්‍ය කරණය වෙන්වන බෙදුම් රේඛාව ඇත්තේද එතැනය. 
පහත දැක්වෙන්නේ මන්ද මානසික තරුණයකු පොහොට්ටුවේ ප්‍රකාශක ලෙසින් ජනතාව නොමග යවන්නට නිකුත් කල නිවේදනයය. 
45252677 10156035928427741 2606011530432479232 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න