නාමල් කුමාරගේ රංගනය : කුමන්ත්‍රණ ආණ්ඩුවේ කොටසක් - රංජිත් (වීඩියෝ)

නාමල් කුමාරගේ රංගනය : කුමන්ත්‍රණ ආණ්ඩුවේ කොටසක් - රංජිත් (වීඩියෝ)

ජනාධිපති ඝාතන තැතක්  බව කියමින් නාමල් කුමාර සිදුකළ රංගනය ව්‍යවස්ථා විරෝධීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ධුරයෙන් ඉවත් කිරීමේ සහ නීති විරෝධී අගමැතිවරයෙකු පත්කර ගැනීමේ කුමන්ත්‍රණයේ කොටසක් මිස අන් කිසිවක් නොවන බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

voice tube වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියි.

නාමල් කුමාර විසින් පළමුව මාධ්‍ය හමුවක් පවත්වමින් සහ දෙවනුව පැමිණිල්ලක් සිදුකරමින් මේ ගැන ප්‍රසිද්ධ කළ බවත් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ පූර්ණ ස්වාධීන විමර්ශනයක් සිදුකල බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදී නාමල් කුමාර ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඝාතන ඉලක්ක බව පවසමින් හඬපට 124ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති නමුත් එම හඬපට කිසිවක ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෝ සූදානමක් ගැනවත් සඳහන් නොවන බවද අමාත්‍යවරයා පවසයි.

ඒ පිළිබඳ විමර්ශන කණ්ඩායම් විමසූ අවස්ථාවේ අදාළ හඬපට මකා දමා ඇති බව නාමල් කුමාර පැවසූ බවත් මකන ලද හඬපට නැවත ගැනීමේ තාක්ෂනය මෙරට  නොමැති බැවින් ඒ පිළිබඳ විදෙස් රටක සහය ගැනීමට අධිකරණ  නියෝගයක් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කරන්නට රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

අමාත්‍යවරයා සිදුකල සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න