ලක්ෂ 3000 ලංසුවට බුද්ධික පයින් ගසයි !

ලක්ෂ 3000 ලංසුවට බුද්ධික පයින් ගසයි !

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ හට කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙන ලෙස ඉල්ලා රුපියල් ලක්ෂ 3000ක ( කෝටි 30) අල්ලසක් ලබාදීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් ලංසු ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

තමන් පක්ෂය හැර නොයන බවට පාක්ෂිකයන් හමුවේ රුධිරයෙන් අත්සන් තබා පොරොන්දු වූ අයෙකු බවත් ඒ කෙසේ වෙතත් මුල මුදල් හෝ කිසිම වරප්‍රසාදයකට ජනතාව ලබාදුන් වරම පාවා නොදෙන බව පවසමින් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මේ බව පසුව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සිය හිතවතෙකුට පවසා ඇත්තේ තමන් ලක්ෂ 3000කට එජාපය හැර ගියහොත් දරුවා බොන කිරිටිකත්, තමන් කන බත් පතත් වස විය යුතු බවය.

කෙසේ වුවත් මේ සමඟ කුමන්ත්‍රණ ආණ්ඩුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට ලංසු තබන ප්‍රධානීන් දෙදෙනෙකු ගැනද අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න