නීතිපතිටත් ආතතිය : STF ආරක්ෂාවත් ඉල්ලයි !

නීතිපතිටත් ආතතිය : STF ආරක්ෂාවත් ඉල්ලයි !

නීතිපති ජයන්ත ජයසූරිය තමන්ට  හා නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලීමක් කර තිබේ.

රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ තමන් අනාරක්ෂිත බව ඔහු පවසා ඇත.

2015 ජනවාරි 08 සිට  වසර තුනක් යනතුරු මෙරට නීති ක්ෂේත්‍රය නියෝජනය කරන කිසිවෙකුට යහපාලන රජයෙන් බලපෑම් එල්ල වී නොතිබූ පසුබිමක නීතිපතිවරයා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ  රාජපක්ෂලාගේ භීෂණය යළි හිස ඔසවනු ඇතැයි බියෙන්ද යන්න ගැටලුවක් බවත්, කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපති උපදෙස් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු සැපයූ ආකාරය නිසා සිය ආරක්ෂාව සැපයීමේදී රාජපක්ෂවාදීන් සම්බන්ධයෙන් නීතිපතිවරයාට තවදුරටත් විශ්වාසයක් නොමැති බවයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 

මේ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ බලපෑම් හේතුවෙන් නීතිපතිවරයා සිය කටයුතු පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතාවකට මුහුණදී සිටින බවද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න