ජනවාරි 08 වන දා මෙරට වෙනසක් කිරීමට තමන් සියල්ල උපරිම කැපවීමෙන් ක්‍රියා කළා සේම, වර්තමානයේ සිදු වෙමින් යන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියා පිළිවෙතින් රට බේරා ගැනීම සඳහා ද උපරිමයෙන් කැප වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සිවිල් සංවිධාන නියෝජිතයන් පවසා තිබේ.
අද (02) අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර මෙහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිත පිරිස ඉදිරියේ කරුණු පැහැදිලි කර ඇති බවද දැනගන්නට ඇත.
අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා සංවරව, විනයගරුකව හා ප්‍රජාතන්ත්‍රවාදීව වික්‍රමසිංහ මහතා හැසිරුණු ආකාරය ප්‍රශංසනීය බව සිවිල් සංවිධාන නියෝජිතයන් අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.
තමන් තව දුරටත්, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා ශීලාචාරත්වය වෙනුවෙන් පෙනී සිටින බවද, වික්‍රමසිංහ මහතාට පූර්ණ සහයෝගය පළ කරන බවද සිවිල් සංවිධාන නියෝජිතයන් එහිදී සඳහන් කර ඇත.

