අද (02) පැන්න දෙන්නා : 118 කණ්ඩායමේ නෑ ! (මෙන්න සාක්ෂි)

අද (02)  පැන්න දෙන්නා  : 118 කණ්ඩායමේ නෑ ! (මෙන්න සාක්ෂි)

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙමින්  අද (02) පිල් මාරුකර  අමාත්‍යධුරයක්  ලබාගත්  එස්.බී. නාවින්න සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත්  එස්. වියාලේන්දිරන් හේතුවෙන් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි පාර්ශවය දුර්වලව ඇති බවට පළවන පුවත් සාවධ්‍යය.

ඒ අද පාර්ලිමේන්තුවේ පැවති කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි මන්ත්‍රීවරුන්ගේ හමුව සඳහා සහභාගීව මේ දෙදෙනාම සහභාගීව නොමැති නිසාය.
කුමන්ත්‍රණ ආණ්ඩුව පරාජයට පත්කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිරිසේන ජනාධිපති ඔක්තෝබර් 26 වනදා සිට නිකුත් කළ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප කරමින්  රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධුරය පිළිගන්නා ලියවිල්ල ඉදිරිපත් කිරීමේ පොදු ලියවිල්ල සඳහා මන්ත්‍රීවරුන් 118 දෙනෙකු සහය දක්වා තිබිණ.
එහිදී TNA පාර්ශවය තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 ක් සිටියත් එක් අයෙකු කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දීමට තීරණය කර ඇති බව වේලාසන දන්වා තිබූ අතර යන ඇමැතිධුරයක් හිමිවෙනවා නම් තමන් ඕන ආණ්ඩුවකට යන බව කී එස්.බී.නාවින්න අමාත්‍යවරයාව පසෙක තබා අදාළ මන්ත්‍රී කණ්ඩායම සකස් කරගන්නට එක්සත් ජාතික පෙරමුණ ද වේලාසනම කටයුතු කර තිබිණ.
ඒ අනුව මේ වන තුරුත් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණ ඇති මන්ත්‍රීවරුන් 118 දෙනාගේ සංයුතියේ කිසිඳු වෙනසක් සිදුනොවේ.
ඒ බව තහවුරු කිරීමට කදිම සාක්ෂියක් වන්නේ  ජනාධිපති කාර්යාලයේ බව නිතර කියවන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා නොදරුවන්   සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇති "අද පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී කණ්ඩායමේ නාම ලේඛනය" ය. එය පහත ඉදිරිපත් කර ඇත. 
45238691 10216790094814768 638172092247834624 n
45383177 10216790096254804 4057162962639519744 n
 
කෙසේ වුවත් බල තන්හාවෙන් ආතුරව ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අනතුරක හෙලා ව්‍යවස්ථා විරෝධීව පිහිටවූ කුමන්ත්‍රණ ආණ්ඩුව රැකගෙන එහි ඉඳුල් බුදින්න බලා සිටින තක්කඩියන් ජනතාව නොමග යවමින් සිටින බව මෙයින් තහවුරු වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න