ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේමහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දුරකතනය ඔස්සේ අමතා ඇති අතර එහිදී මහ ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ පනවතින ගැටලුකාරී ත්තත්වය විසඳා ගැනීම සඳහා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඡන්දයකට යන ලෙසය.
රජයේ අවධානය සාමය, ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට යොමු කරන ලෙසද දන්වා ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමෙන්තු කටයුතු ඉක්මනින් ආරම්භ කිරීම සඳහා අවධානය යොමුකරන ලෙසත් පාර්ලිමේන්තුවේ ඡන්දයකට ඉඩ ලබාදෙන ලෙසත් මහ ලේකම්වරයා ජනපතිවරයාට දැනුම් දී තිබේ.
එසේම මානව හිමිකම් කොමිසමේ යෝජනා අනුව රජය විසින් කලින් මානව හිමිකම් ආරක්ෂාකර ගැනීම, සමගි සන්ධාන වීම, යුක්තිය වෙනුවෙන් කැප වන ලෙසත් ඔහු ජනපතිවරයාට සඳහන් කර තිබේ.
මේ ඒ සම්බන්ධව නිකුත්කර ඇති නිවේදනයයි.

නිවේදනය - මහ ලේකම් කෙසේ වුවත් මෙම දුරකථන සංවාදය සම්බන්ධව ජනාධිපතිවරයාගේ ට්වීටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ඉතා සාර්ථක දුරකථන සංවාදයක් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අතර සිදුවූ බවය.
පහත දැක්වෙන්නේ එම ට්වීටර් සටහනයි.
දැන් ප්‍රශ්නය ඇත්තේ විදෙස් සංවිධාන සහ විදෙස් රටවල් ජනාධිපතිවරයාට ලබාදෙන ඇමතුම් නිසි ලෙස පරිවර්තනය වනවාද එසේත් නැතිනම් ලැබෙන පණිවිඩ විකෘති කිරීමට වගකිව යුතු පාර්ශව ක්‍රියා කරනවාද යන්නය.

