ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.9317 ක් හා විකුණුම් මිල රු. 175.8240 ක් ලෙසින් සටහන් විය.
පෙරේදා (03) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් වශයෙන් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙසින් වාර්තා විය.
කෙසේ නමුත් රුපියලේ අවප්‍රමාණය වැළැක්වීම සඳහා පෙරේදා දිනයේ දී සංචිතවලින් ඩොලර් මිලියන 50 ක් වෙළෙඳපොළට මුදා හැර ඇති අතර කොටස් වෙළඳපළේ විදෙස් ආයෝජන ද සිඝ්‍රයෙන් ඉවත්වන පසුබිමක මෙසේ සංචිත මුදාහැරීම දැවැන්ත ආර්ථික අර්බුධයකට හේතුවිය හැකි බව මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

