GSP + සහනය අවධානමේ !

GSP + සහනය අවධානමේ !

යුරෝපා සංගමය මගින් මෙරටට  ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳව නැවත සළකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

එම සහනය ලබාදීමේදී ශ්‍රී ලංකාව එකඟවූ කරුණු ඉටු නොකරයි නම් එම සහනය ඉවත් කර ගැනීම පිළිබඳව සළකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුන්ග් ලායි මාගී රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. රොයිටර් පුවත් සේවය පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමය නොසතුටෙන් සිටින බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න