කුමන්ත්‍රණ ආණ්ඩුවේ නීති විරෝධී පත්වීමක් : පොලිස් කොමිසම නිසා වැළකේ !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නීති විරෝධී පත්වීමක් : පොලිස් කොමිසම නිසා වැළකේ !

අග්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි වාර්තා වෙයි.

පොලිස්පතිවරයා අදාළ නියෝගය නිකුත්කර තිබුණේ පසුගිය 30 වනදා වන අතර අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. ගුරුගේ  එම තනතුරින් ඉවත් කර එම තනතුරට චාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. බී. වික්‍රමසිංහ මහතා පත් කිරීමට ද  එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

එහෙත් මෙම පත් කිරීම් සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොමැති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම පත් කිරීම අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබේ. 

එම නියෝගය ක්‍රියාත්මක කරමින් අදාළ ස්ථාන මාරු අවලංගු කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න