නීතිපති කාර්යාලයේ ලිපිගොනු පැහැර ගැනීමේ සූදානමක් !

නීතිපති කාර්යාලයේ ලිපිගොනු පැහැර ගැනීමේ සූදානමක් !

නීතිපති කාර්යාලයේ ඇති ලිපිගොනු පැහැරගැනීමට දරනු ලැබූ උත්සාහයක් හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාගන්නට සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ (02) සිට විශේෂ කාර්ය බලකාය නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව සපයන්නට ගෙන ඇත.

වාර්තා වන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන දේශපාලනඥයින් තමන්ගේ දුෂණ අපරාධ ඇතුළත් ලිපිගොනු මෙසේ පහර ගැනීමට ප්‍රයත්න දරමින් සිටින්නේ දැනටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධව විශ්වාසයක් නොමැති නිසාය. 

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඇතුළුව ආරක්ෂක අංශ විසින් රාජපක්ෂ සමයේ සිදුවූ බරපතල ගණයේ මුල්‍ය අක්‍රමිකතා පමණක් නොව අපරාධ රැසකට අදාළ විමර්ශන අවසන් කර නඩු පැවරීමට අවශ්‍ය නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කර ඇත. එසේම නීතිපතිවරයා විසින් රාජපක්ෂ පාලන සමයට අදාළව පැවරූ නඩු රැසක්ද පවතී. 

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ආණ්ඩු කුමන්ත්‍රණය දියත්වන පළමු අවස්ථාවේම එහි ප්‍රධාන කොන්දේසියක් බවට පත්ව ඇත්තේද රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවූ බරපතල මුල්‍ය අක්‍රමිකතා සහ ඝාතන, පැහැරගැනීම් වලට අදාළ නඩු කටයුතුවලින් සියළු දෙනා නිදොස්කොට නිදහස් කිරීමය.

එහි මුලික වටයේදී රාජපක්ෂ පවුලට අදාලව සහ කුමන්ත්‍රණ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයින්ගේ නඩු ඉවත් කරගන්නට නියමිතව ඇත. 

 අනාවරණය වූ පළමු අවස්ථාවේම newstube.lk  වෙබ් අඩවිය මේ බව වාර්තා කළ අතර එය පහත දැක්වේ.

නඩු අවසන් : තීන්දුවත් සුදානම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න