සියළු දේශපාලන සිරකරුවන් නිදහස් !

සියළු දේශපාලන සිරකරුවන් නිදහස් !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එල්ලවී තිබෙන ජාත්‍යන්තර පීඩනය හමුවේ සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
එසේම මේ හරහා දමිළ ජනතාවගේ සහය කුමන්ත්‍රණ ආණ්ඩුවට ලබාගැනීමේ උත්සාහයක්ද මේ තුළ පවතින බව දැනගන්නට ඇත.

ජිනීවා මානව හිමිකම් කොමිසම ද දිගින් දිගටම මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් බලපෑම් සිදුකළ අතර යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් ලෙසද මෙය ඉතිහාසගතව ඇත.

නමුත් පසුගිය කාලය පුරාවට ජනාධිපති සිරිසේන රාජපක්ෂ රෙජීමයේ සහ ජාතිවාදී බලවේගවල බලපෑම හමුවේ මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ඉඩ ලබාදුන්නේ නැත. ඒ එය ඔහුගේ සිංහල - බෞද්ධ හැඩයට හානියක් බවට අර්ථකථනය කර ගනිමින්ය.

නමුත් මේ අවස්ථාවේ බල තණ්හාව සහ ආණ්ඩු කුමන්ත්‍රණය සුජාත කරගන්නා අතර තුර දෙමළ ජනතා සහය ගැනීමේ පටු අපේක්ෂාවෙන් සිදුකරන "සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ" තීරණයට අප සහය දක්වමු. 

ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන  අවස්ථාවාදයට එරෙහිව මාධ්‍ය කරණයේ නිරත වුවත් ඉතා අසාධාරණ ලෙස රාජපක්ෂ පාලනය තුළත් පසුව සිරිසේන ජනාධිපතිගේ අවස්ථාවාදී දේශපාලනය තුළත් ගොදුරු බවට පත්ව තිබූ මේ මිනිසුන් පොදු සමාජයට එක්ව නිදහස් පුරවැසියන් විය යුතුය  යන්න සහ එය ඔවුන් සතු අනුලංඝනීය අයිතිවාසිකමක් යන්න  අපගේද විශ්වාසය වන නිසාය.

ජාතිවාදීන් අනාථයි : 

කෙසේ වුවත් මේ හමුවේ හානිපූර්ණ පනත ගෙන එමින් වින්දිතයන්ට සහන සැලසීමට ගෙන ගිය විරෝධය අවස්ථාවාදී පහත් ක්‍රියාවක් බවද ඔප්පු වේ. බලය ලබාගැනීම වෙනුවෙන් මෙතෙක් ජාතිවාදී කල්ලි මෙහෙයවීම පිටුපස සිටියේද රාජපක්ෂලා සහ ඔවුන්ගේ වහල් කල්ලි බවද මේ හරහා මැනවින් ඔප්පු වන අතර අප දේශපාලන සිරකරුවන්ගේ නිදහසට ගරු කරන අතර මේ හමුවේ නින්දාවට සහ නිරුවත් වන ජාතිවාදීන් දෙසන් බලා කාලකන්ණි සතුටක් භුක්ති විඳින බවද දන්වමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න