මහින්ද ගේන්නේ මංගලගේ අයවැය ? 

මහින්ද ගේන්නේ මංගලගේ අයවැය ? 

ජනාධිපතිවරයා විසින් හදිසියේ නව අගමැතිවරයෙක් පත් කරන විට යහපාලන ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අය-වැය වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට දින නියම කරගෙන තිබිණි. 

ඒ අනුව අය-වැය වාර්තාව සකස් කර අවසන් කර තිබිණි.

මංගලගේ මුදල් අමාත්‍යංශයේ අය-වැය සකස් කිරීම පිළිබඳ සියලු වගකීම් භාරව සිටියේ එවකට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් හෙවත් මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතාය. දේශපාලන අර්බුදයට හටගන්නා අවස්ථාව වනවිට ඔහුගේ මූලිකත්වයෙන් අය-වැය වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් කර තිබිණි.  

මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්වීමෙන් පසුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ඔහුට සහයෝගය පළකළ අතර ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට ඔහුව පත් කෙරිණි.

හිටපු නියෝජ්‍ය ලේකම්වරයාට මහින්ද විසින් ලේකම් තනතුර ලබා දීමේ රහස මේ වනවිට හෙළි වී තිබේ. ආටිගල මහතා රාජපක්ෂ හිතවාදියෙකු බව මංගල සමරවීර මහතාව දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කර තිබුණද මංගල සමරවීර ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වා නැත්තේ ආටිගල මහතා සම්බන්ධයෙන් පැවති විශ්වාසය නිසා බව සඳහන්. ඒ අනුව ආටිගල මහතා මංගල සමරවීර මහතාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී තිබේ.

කෙසේවෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ආටිගල මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාව රැවටීමට ලක්කර ඇති බවයි. තමන් රාජපක්ෂ හිතවාදියෙකු නොවන බවට ආටිගල මහතා මංගල සමරවීර මහතාට සාර්ථකව ඒත්තු ගන්වා තිබේ.

එහෙත් ආටිගල කවුරුන්ද යන්න සමරවීර මහතාට හෙළිදරව් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස යළි කරළියට පැමිණීමෙන් පසුවය.

මංගල සමරවීම මහතා මුදල් ඇමතිවරයා ලෙස සකස් කළ අය-වැය වාර්තාව ගෙඩි පිටින්ම ආටිගල මහතා විසින් මහින්ද රාජපක්ෂ වෙත ලබා දී ඇති අතර එය උඩින් පල්ලෙන් කියවා බැලූ මහින්ද රාජපක්ෂ ඔලුවේ අත ගසා ගනිමින් පවසා ඇත්තේ 'යකෝ හොඳ වෙලාවට මං ඉක්මන් උනේ. මංගල මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නං අපිට 2020 දි ඇපත් නෑ' කියාය. 

මහින්ද රාජපක්ෂලා විසින් ඉදිරි මාස දෙක සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර පාර්ලිමේන්තුව කල් දැමීම සඳහා හේතුවක් වශයෙන් ද එය ඉදිරිපත් කෙරිණි. මෙකී අතුරු සම්මත ගිණුම හරහා රාජපක්ෂලා ඉදිරිපත් කරන්නේ මංගල සමරවීර මහතාගේ අය-වැය යෝජනා බවයි වාර්තා වන්නේ.

(LNW )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න