අධිකරණයයෙන්  අල්ලන්න කියූ රවී : ආරක්ෂක අමාත්‍යංශයේ !

අධිකරණයයෙන්  අල්ලන්න කියූ රවී : ආරක්ෂක අමාත්‍යංශයේ !

තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීමට අදාළ නඩුවේ වහාම අත්අඩංගුවට ගෙන එළඹෙන 09 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජයගුණරත්න අද (04) කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වූ හේමසිරි ප්‍රනාන්දුගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්ව සිටියේය.

ඉහත නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණතිලකව අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරුවද එවකට අධිසි හස්තයක් ක්‍රියාත්මකවී එම අවස්ථාව වළක්වනු ලැබිණ.

එහිදී වාර්තා වුයේ ජනාධිපතිවරයා මෙම අත්අඩංගුවට ගැනීම වළක්වා තිබු බවය.

කෙසේ වුවත් එම පුවත සනාථ නොවූ අතරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයට දන්වා ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගන්නට නොහැකිවූ බවය.

මේ ආකාරයේ සිදුවීම් පසුගිය රාජපක්ෂ සමයේද පැවති අතර ඊට සමාන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුව තුළද තත්ත්වයන් නිර්මාණය වෙමින් ඇති බව පෙනෙන්නට ඇත. කුමන්ත්‍රණ ආණ්ඩුව මේ යන්නේ ෆැසිස්ට් ගමනක් බව තේරුම් ගන්නද මේ කදිම සාක්ෂියක් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න