සිරිසේන ජනාධිපතිට චන්ද්‍රිකා භීතිකාව !

සිරිසේන ජනාධිපතිට චන්ද්‍රිකා භීතිකාව !

පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාදවීමට හේතුව වී ඇත්තේ ශ්‍රීලනිප පාර්ශවයේ කිහිපදෙනෙකු සම්බන්ධව ජනාධිපති සිරිසේනට  මතුව ඇති අවිශ්වාසයක්  බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග ඊයේ (03) රාත්‍රීයේ පැවැති හමුවකදි මේ බව අනාවරණය කර ඇති අතර යම් ආකාරයකට පාර්ලිමේන්තුව කැඳවුවහොත් එහිදී ශ්‍රීලනිප පිරිසක් එක්සත් ජාතික පක්ෂයට සහය දීමට හෝ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමේ අවධානමක් ගැන තොරතුරු ලැබී ඇති බවද පවසා ඇත.

එසේම මේ මෙහෙයුම පිටුපස සිටින්නේ හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බවත් පවසා ඇති සිරිසේන ජනාධිපති වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් පසුගිය කාලය පුරාවට පක්ෂය අල්ලාගෙන සිටියේ චන්ද්‍රිකා නිසා බවත් රාජපක්ෂලා කොතෙක් උත්සාහ කළත් අවසාන මොහොත දක්වා ඔවුන්ට පක්ෂයේ බලය අල්ලා ගන්නට නොහැකි තරම් ශක්තියක් පක්ෂ අභ්‍යන්තරයේ චන්ද්‍රිකාට තිබූ බවය.

එසේම අගමැති රනිල්ට එරෙහිව පැමිණි විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ ද තමන් නිහඬව සිටියදී පවා මැති ඇමති පිරිසක් ස්වාධීන කිරීමේ කටයුත්ත සිදුකළේද චන්ද්‍රිකා බවද පවසා ඇති සිරිසේන එවැන්නක් යළිත් සිදුවීමේ අවධානම ප්‍රතික්ෂේප කළ නොහැකි බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න