පාර්ලිමේන්තුව කැඳවන්න : වෙනදේ බලාගන්න - ජවිපෙ 

පාර්ලිමේන්තුව කැඳවන්න : වෙනදේ බලාගන්න - ජවිපෙ 

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර  නීති විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව , පත්කළ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාත් අනතුරුව පත්කළ ඇමතිවරුත්, ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයත් ජනතා විමුක්ති පෙරමුණ පිළිනොගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

පක්ෂ මුලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අගමැති පත්කළ යුතු බව ව්‍යවස්ථාවේ තිබෙන බවත් පාර්ලිමේන්තුවෙන් නොවිමසා සිදුකළ පත්කිරීම විසින් රට අවුලකට ඇදදමා ඇති බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ජනතාවගේ ප‍්‍රශ්න කතා කරන්න තිබෙන ජනතා නියෝජිතයින් නියෝජනය කරන පාර්ලිමේන්තුව විධායක බලතල පාවිච්චි කරලා වාර අවසන් කොට තිබෙනව. තනි පුද්ගලයෙකු තමන්ට හිතෙන හිතෙන වෙලාවට පාර්ලිමේන්තුව වාර අවසන් කරන්නේ කොහොමද? 1978දී මෙම වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල් කරන වෙලාවේ එන්.එම්.පෙරේරා ප‍්‍රශ්න කර සිටියා, පිස්සෙක් ජනාධිපති වුවහොත් ඇතිවන තත්වය මොකක්ද කියලා. අදත් ඒ ප‍්‍රශ්නයට උත්තරයක් නැහැ. පාර්ලිමේන්තුව වාර අවසාන කරන්නේ සාධාරණ හේතුවක් මත නොවෙයි. හැමදාමත් ජනාධිපතිවරයා තමන්ගේ බංකොළොත් බලය තහවුරු කරගැනීමට පාර්ලිමේන්තුව කල් දානවා. ඒ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න විසඳන්න නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, සදාචාර විරෝධීව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ඇති අත්තනෝමතික බලය ඉවත් කිරීම වෙනුවෙන් ජවිපෙ හැමදාමත් පෙනී සිටියා. 20වැනි සංශෝධනයේදීත් ජනාධිපතිවරයාගේ එම අසීමිත බලය ඉවත් කිරීමට වගන්තියක් ඇතුළත් කළා. 20 සංශෝධනයේ 23වැනි වගන්තියෙන් එම යෝජනාව ඉදිරිපත් කළා. 

පනින මැති ඇමති මිල රුපියල් කෝටි 40-50 යි !

අද මුළු රටේම ජනතාව ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතලවල බරපතලකම අත්දකිමින් ඉන්නවා. බල සූදුව ඇතුළේ අද මන්තී‍්‍රවරුන් කුණු මාළු ගානට විකිණෙනවා. කෝටි 40ට, 50ට මිල නියම වෙනවා. මන්තී‍්‍රවරු මිලටගැනීම වෙනුවෙන් සාකච්ඡුා කෙරුනු හඬ පට එළියට එනවා. ඇමතිවරුන්ට, මන්තී‍්‍රවරුන්ට මුදල්දීම, තනතුරු දීම අල්ලස් ලබාදීමක්. එය බරපතල වරදක්. නමුත් නීතිවිරෝධී කි‍්‍රයා එළිපිටම සිදුවෙනවා. එවැනි තත්වයකට අද දේශපාලනය පත්වෙලා. මන්තී‍්‍රවරු විකිණීම වැළැක්වීමට අපි විවිධ කි‍්‍රයාමාර්ග ගත්තා. 19වැනි සංශෝධනය සම්මත වන වෙලාවේ පක්‍ෂ මාරුව නතර කරන්න වගන්ති ඇතුළත් කළ යුතු බව අපි යෝජනා කළා. නමුත් 19 සම්මත වන අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන එයට විරුද්ධ වුණා. එදා අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස එය අනුමත කරමින් යෝජනාව ඉවත්කර ගත්තා. එහි ආදීනව අද ජනතාව අත්විඳිමින් සිටිනවා. එම නිසාම මන්ත‍්‍රීවරු පිල්මාරුව වැළැක්වීමට යෝජනාවක් 20වැනි සංශෝධනයට ඇතුළත් කොට තිබෙනවා. ජනතාවට තේරුම් ගන්න පුළුවන්, මන්තී‍්‍රවරුන් නින්දිත ලෙස විකිණීම නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණේ ඇයි කියලා. 

මන්තී‍්‍රවරුන් තමන්ගේ පැත්තට පනින කොට හායි කියලා පිළිගන්න අයම තමන්ගේ පැත්තෙන් යනකොට විවේචනය කරනවා. රාජපක්‍ෂ කණ්ඩායම, ටීඑන්ඒ ෆෙඩරල් ඉල්ලන බවත් බෙදුම්වාදය ශක්තිමත් කරන බවත් පැවසුවා. අද මොකද වෙලා තියෙන්නේ. හමුදාව යොදා කුණු කාණු සුද්ද කළ යුතු බවත් සිංහල ජනතාව මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි වීමට දැඩිලෙස විරුද්ධ වූත් ටී.එන්.ඒ. මන්තී‍්‍රවරයා මහින්ද පිලට අරගෙන. මඩකලපුවේ සර්යා විශ්වවිද්‍යාලයක් හදනවා කියපු හිස්බුල්ලාත් අද තමන්ගේ ඔඩොක්කුවට ආවාට පස්සේ මහාලොකු දේශපේ‍්‍රමියෝ සද්දයක් නැහැ. ඒ තරමට මජර තත්වයට පත්වෙලා. දේශපාලන සංස්කෘතිය බිඳවැටිලා. 

මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ගමන් සෙල්ලම් ආණ්ඩුවක් හදලා ඇමතිවරු පත්කරනවා. තමන්ගේ උවමනාවන් ඉටුකරගන්න තෙක් පාර්ලිමේන්තුව වහල දාලා. ඔවුන්ට  ඕනෑ විදිහට පාර්ලිමේන්තුව කැඳවන්න හදනවා. එහෙම කරන්න තියෙන අයිතිය මොකක්ද? එය සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. සදාචාර විරෝධියි. යහපාලන ජනවරමට පටහැනියි. එම නිසා එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව අපි නැගී සිටිනවා. මෙම බල සූදුව කොහෙන් කෙළවර වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. තාවකාලිකව හෝ විසඳුමක් ලබාගැනීමට පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. 05වැනදා කැඳවනවා කිව්වා, 07වැනිදා කැඳවනවා කිව්වා. දැන් කියනවා 16වැනිදා කැඳවනවා කියලා. නමුත් එය විශ්වාස කළ හැකි නොහැකියි. අපි බලකරනවා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. සෙල්ලම් ආණ්ඩු හදලා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය, ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන්න ඉඩ දියයුතු නැහැ. ඔවුන් ගේනවා කියන අතුරු සම්මත අයවැයත් නීත්‍යානුකුල නැහැ. 

අද ඇතැම් පක්‍ෂ, මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ තම තමන්ගේ ගොඩට දාගන්න හදනවා. අපි පැහැදිළිව කියනවා, අපි එක පැත්තකටවත් සහාය දෙන්නේ නැහැ කියලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු විශ්වාසභංගයට අපි පක්‍ෂව ඡුන්දය දුන්නා. එම නිසා රනිල් අගමැති කරන්න අපිට කිසිදු උවමනාවක් නැහැ. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව පත්කළ මහින්ද අගමැති ලෙස පිළිගන්නෙත් නැහැ. අපේ ස්ථාවරය පැහැදිළියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව කැඳවිය යුතු කියන සටනට අපි සහාය දෙනවා. එජාපයට හේත්තු කරලා ජවිපෙ නිශ්ශබ්ද කරන්න කාටවත් පුලූවන්කමක් නැහැ. රටේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, සදාචාර විරෝධී, නීතිවිරෝධී කි‍්‍රයාමාර්ගයන් දෙස බලාගෙන ජවිපෙ නිහඬව ඉන්නේ නැහැ. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව එකතු කළ හැකි සියලූ ප‍්‍රගතිශීලී බලවේග අපි එකතු කරනවා. ප‍්‍රගතිශීලී පක්‍ෂ, බහුජන සංවිධාන, බුද්ධිමතුන් සියලූ දෙනා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරනවා. වෙනස්කම් තිබුණත් දේශපාලන මතය කුමක් වුණත් ජාති භේද, ආගම් භේද සියල්ල පසෙකලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් එක්සත්ව කි‍්‍රයාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. 

පාර්ලිමේන්තුව කැඳවන්න බලන්න : එතකොට බලාගමු - සුනිල් 

මෙහිදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ද අදහස් දැක්වීය.

ඇතිවී තිබෙන මෙම අර්බුදයෙන් මැදිහත්ව සිතන ජනතාවට දේශපාලන දැනුම, අවබෝධය ලබාගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණා. මිල සූත‍්‍රයක් හදලා, මාසෙන් මාසෙට තෙල් මිල ඉහළ දැම්මා. රුපියල බාල්දු වුණා. භාණ්ඩාගාරය ණය ගෙවාගන්න බැරිව අර්බුදයක හිරවෙලා කියලා ආණ්ඩුවම කිව්වා. එසේ තිබියදී පත්වුණා කියන ආණ්ඩුව බලසූදුව පවත්වාගෙන යන්න ජනතාවට කැරට් අල දෙන්න පටන් ගත්තා. තෙල් මිල, බඩුමිල, බැංකු පොලී අනුපාත අඩුු කරන්න ගත්තා. මීට කලින් ආණ්ඩුවට අඩුකරන්න බැරි දේවල් එක පාරම අඩු කරන්නේ කොහොමද? මේ බලසූදුවට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහිව පැන නැගෙන ජනතා විරෝධය යටපත් කරන්න තමයි කැරට් අල දෙන්න පටන්ගත්තේ. මේවා හරියට ඡුන්ද කාලෙට ජනතාවට දෙන කැරට් අල වගේමයි. තමන්ගේ හොරා තමන්ට හොඳා කියන, තමන්ගේ පක්‍ෂයෙන් දෙන  ඕනෑම අසූචි ගොඩක් වළඳන ජනතාවට නෙවෙයි අපි මේ කියන්නේ. මධ්‍යස්ථව සිතන රටේ ජනතාවට හිතන්න  ඕනෑකරන වටපිටාවක් දැන් ගොඩනැගී තිබෙනවා. මේ සහන තාවකාලිකයි. මන්තී‍්‍රවරු සල්ලිවලට ගන්න කි‍්‍රයාමාර්ගවලට එරෙහිව නැගෙන විරෝධය යට ගහන්න දෙන ලොසිංජර පමණයි. අපි ජනමාධ්‍යවලට කියනවා, මේවා පළකළ යුත්තේ සහන කියලා නොව ජනතාව රවටන්න දෙන ලොසිංජර කියලයි. 

මහින්ද රාජපක්‍ෂලාගේ කණ්ඩායම දැන් පාර්ලිමේන්තු කි‍්‍රයාමර්ග සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වලා ආණ්ඩුවේ වැඩ පටන් ගන්න බවත් කියනවා. නමුත් අපි කියන්නේ ඔවුන්ගේ කණ්ඩායමට  ඕනෑ පරිදි පාර්ලිමේන්තුවේ කි‍්‍රයාමාර්ග හැසිරවීමේ හැකියාවක් නැහැ කියලයි. හැම දේටම කලින් අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වාම සිදුවෙන්නේ මොකක්ද කියලා එදාට බලාගන්න පුළුවන්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න